by Staff writer 14-04-2022 | 5:07 PM
COLOMBO (News 1st) – හෙට(15) සිට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ බස් රථ ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. එච්. පණ්ඩුව ස්වර්ණහංස මහතා සඳහන් කළේ, ඒ සඳහා අතිරේක බස් රථ 200 ක් යොදවා ඇති බවයි.
මේ අතර, ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එමෙන්ම ගම් බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීමට ලබන 17 වැනිදා සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.