by Staff writer 14-04-2022 | 3:34 PM
COLOMBO (News 1st) - කේරළ ගංජා කිලෝග්‍රැම් 150ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, නාවික හමුදාව යාපනය ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන්වූ මුහුදේ කළ වැටලීමකදී ය.
කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 45 කි.
22 සහ 49 වයස්වල පසුවන සැකකරුවන් මන්නාරම සහ පේසාලේ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.