සිංහල - දෙමළ අලුත් අවුරුදු උදාව පෙරවරු 8.41ට

ආර්ථික අභියෝග මැද සිංහල - දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට රටම සැරසෙයි

by Staff Writer . 14-04-2022 | 7:30 AM

COLOMBO (News 1st) –  ආර්ථික අභියෝග රැසක් මධ්‍යයේ උදාවන සිංහල දෙමල අලුත් අවුරුද්ද පිළිගැනීමට මෙරට ජනතාව සුදානම් වේ.

මෙවර ජනතාවට අලුත් අවුරුද්ද සැමරීමට සිදුව ඇත්තේ ඉන්ධන ලෝලිම්, ගෑස් පොලීම්වල කල්මරමිනි. අද උදෑසන 08 පසුවී විනාඩි 41 ට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවේ. අද අලුයම 02 යි විනාඩි 17 උදාවු පුන්‍ය කාලය අද පස්වරු 03 යි 05 දක්වා යෙදි තිබේ. ආහාර පිසීමේ නැකත යෙදි ඇත්තේ අද පෙරවරු 09 යි 05 ටයි. රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා. දී කිරි මිශ්‍ර කිරිබතක් හා උඳු පිටි මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම ඉතාමත් යහපත් බව ජ්‍යෝතිශයේ දැක්වේ. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකත යෙදි තිබෙන්නේ අද පෙරවරු 10 යි ‍17 ටයි. ජ්‍යෙතිශයේ දැක්වෙන්නේ රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම ඉතාමත් යහපත් බවයි. මෙවර අලුත් අවුරු‍ද්දේ හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 17 වෙනි ඉරිදා උදෑසන 07 යි 04ට යෙදි තිබේ. රතු සහ කහ මිශ්‍ර වර්ණයෙන් යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල්ද ගා ස්නානය කිරීම ඉතාමත් යහපත් බව ජ්‍යෝතිශයේ සඳහන් ය. රැකීරක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් මස 18 වන සඳුදා උදෑසන 06 යි 51 ට යෙදි ති‍බේ. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම යහපත් බව ජ්‍යෝතිශයේ දැක්වේ.