by Staff Writer . 13-04-2022 | 12:26 PM
COLOMBO (News 1st) – හිඟව පැවති ඖෂධවලින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 6 ක් මේ වනවිට දිවයිනට ගෙන්වා ඇති බව ඖෂධ නිෂ්පාදන නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ තවත් ඖෂධ වර්ග රැසක් ඉදිරි දින කිහිපයේදි ලැබෙන බවයි.
ඖෂධ වර්ග 40 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට රෝහල් වල හිඟව පවතින අතර මේ හේතුවෙන් රෝගීන් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවයටයි.
හිඟ ඖෂධවලින් කොටසක් දේශීය නිෂ්පාදකයින් විසින් සපයා දීමට ද එකග වී ඇති බව වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.