විශ්වාසභංග යෝජනාවට විපක්ෂය අත්සන් තබයි

විශ්වාසභංග යෝජනාවට සහ දෝෂාභියෝග යෝජනාවට විපක්ෂය අත්සන් තබයි

by Staff Writer . 13-04-2022 | 12:37 PM

COLOMBO (News 1st) – විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කෙරෙන දෝශාභියෝග යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අත්සන් කර තිබේ.

විපක්ෂ නායකවරයා ඊයේ (12) සිය මන්ත්‍රී කණ්ඩායම සමග ඊට අත්සන් තබා ඇත්තේ, විපක්ෂ නායක කාර්යාලයේදී ය.