කරුණාකරලා, තුට්ටු දෙකේ වැඩේ නිවැරදි කරන්න - විමල්

බැසිල් රාජපක්ෂලා හිතනවා නම්, මොනව හරි අටවලා ගේම් ගහන්න ඒකට ඉඩ නෑ- විමල්

by Staff Writer . 13-04-2022 | 1:55 PM

COLOMBO (News 1st) – අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බව ජතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 11 මන්ත්‍රිවරුන් පිරිසක් අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් වීරවංශ මහතා මේ බව සඳහන් කළේ ය.
''අපිට අග්‍රාමාත්‍යතුමා ගැන පෞද්ගලික විරුද්ධත්වයක් නෑ. එතුමා පැරදිච්ච වෙලාවෙත් එතුමා එක්ක හිටියෙ අපි. සහෝදරයා හිටියෙ නෑ.. මහින්ද රාජපක්ෂ එක්ක පුද්ගලික කෝන්තර නෑ. හැබැයි රටේ මහජනයා ඉදිරිපත් කරන අදහස අපි තේරුම් ගන්න ඕන''
වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට රටේ ආර්ථිකය ඉතා අසීරුතම අඩියට වැටී ඇති බවත් එවැනි තත්ත්වයක් උද්ගත වීමට පෙර රටේ ආර්ථිකය බේරා ගැනීමට ඉදිරිපත්වුව ද හිටපු මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස එය සැලකිල්ලට නොගත් බවයි. ශාන්ත බණ්ඩාර මහතාට  රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් ද මෙහිදී වීරවංශ මහතා විවේචනාත්මකව අදහස් පළ කළ අතර දයාසිරි ජයසේකර මහතා ද මෙහිදී අදහස් පළ කළහ.