by Staff Writer . 13-04-2022 | 1:28 PM
COLOMBO (News 1st) – සාම්ප්‍රදායික පරණ අවුද්දෙත් දිගු ඉන්ධන පෝලිම්වල ගතකිරීමට ජනතාවට සිදුව තිබේ.
අද දිනයේ දැඩි තදබදයක් මතුව ඇත්තේ ප්‍රෙටල් සඳහායි
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ප්‍රෙටල් ලබාගැනීම සදහා අදත් දිගු පොලීම් දක්නට ලැබිණ.
මේ අතර මාවනැල්ල අයි.ඕ.සී. පිරවුම්හල වසා දමා තිබූ අතර සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල ප්‍රෙටල් හා ඩිසල් ලබාගැනීම සඳහා දිගු පෝලීම් දක්නට ලැබිණ.
අම්බලන්ගොඩ නගරයේ පිරවුම්හල්වල අද උදෑසන ඩිසල් නොතිබූ අතර ප්‍රෙටල් ලබාගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබිණ.
මාතර ඉන්ධන පිරවුම්හල් අසල ජනතාව රැස්ව සිටියේ අධික වාර්ෂාවද නොතකමිනි.
මහනුවර මෙන්ම තදාසන්න ප්‍රදේශවල බොහෝ පිරවුම්හල් වසා දමා තිබූ අතර ප්‍රෙටල් සඳහා දක්නට ලැබුණේ, දිගු පොලීම් ය.
ගාල්ල බද්දේගම ඉන්ධන පිරවුම්හලේ ප්‍රෙටල් ලබාගැනීම සඳහා දිගු පොලීම් දක්නට ලැබිණ.
කාරාපිටිය ඉන්ධන පිරවුම්හලක අද උදෑසන ඉන්ධන නිකුත්කිරීම ප්‍රමාදකිරීම හේතුවෙන් ජනතාව ගාල්ල - මාපලගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධය පළ කළේ ය.
මේ අතර ගැස් ලබාගැනීම සඳහාත් සති ගණනාවක සිට බලාසිටීමට තවමත් ජනතාවට සිදුව තිබේ.
ගාල්ල පොද්දල ප්‍රදේශයේ ගෑස් අලෙවිසැලට අද ගෑස් පැමිණියේ සතියකට පමණ පසුවයි.
ඊයේ පෝලීමේ සිටි ජනතාවට ප්‍රමුඛත්වය ලබාදීමට පොලිසිය උත්සහ කිරීමත් සමග ඇතිවුණේ, උණුසුම් තත්ත්වයකි.
නාගොඩ ප්‍රදේශයේද ගෑස් ලබා ගැනීමට දිගු පෝලිම් දක්නට ලැබිණ.