by Staff Writer . 13-04-2022 | 7:27 PM
COLOMBO (News 1st) – රජයේ රෝහල්වල ඇතැම් ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, ගැටලු කළමනාකරණය කර අඛණ්ඩව ඖෂධ සැපයුමක් සහතික කරන සැලසුම් සකස් කර ඇති බවයි.
විදේශ විනිමය දුෂ්කරතා නිසා නිසි කලට ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වීම ඖෂධ හිඟයට හේතු වී තිබේ.
ඊට පිළියම් හඳුනා ගනිමින් ක්‍රියා මාර්ග ගෙන ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඉන්දීය සහන ණය පහසුකම යටතේ ණයවර ලිපි විවෘත කර ඖෂධ සහ උපකරණ ඇනවුම් කිරීම ඉන් එක් ක්‍රියාමාර්ගයකි.
සෞඛ්‍ය අමත්‍යාංශය සඳහන් කළේ, ඖෂධ මිලදී ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10 ක අරමුදලක් ලැබී ඇති බවයි.
ඊට අමතරව අරමුදල් හෝ ඖෂධ සපයා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා ආරම්භ වී තිබේ.
ඖෂධ මිලදි ගැනීමට මුදල් හෝ පරිත්‍යාග කරන මෙන් විදේශිය ආයතන සහ එතෙර වෙසෙන ලාංකිකයින්ට කළ ආයාචනයට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් නැතැයි නිල මුලාශ්‍රයක් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කළ නිවේදනය, මෙම කරුණු සලකා බලා නිවැරදි විය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.