විශාරද නන්දා මාලනියන් අරගල බිමේ

by Staff Writer . 12-04-2022 | 4:18 PM

COLOMBO (News 1st) – ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ස්වේච්ඡා ජන අරගලය අද සිව් වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

මේ අරගලයේ නියැලි ජනතාව අඛණ්ඩව ළඟා වෙමින් සිටින්නේ අසීරුම 96 වැනි පැයටයි. විශාරද නන්දා මාලනි මහත්මිය, මහාචාර්ය සුනිල් ආරියරත්න සහ සම්මානණීය ලේඛකයෙකු වන බුද්ධදාස ගලප්පත්ති යන මහත්වරුන් ද අද උදෑසන ජනාධිපති කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයට එක් විය. දැඩි වර්ෂාපතනය හේතුවෙන් අරගලය මෙන්ම අරගල භූමියේ ත් රැඳී සිටීමත් ඊයේ රාත්‍රියේ අසීරු වුවත් කිසිවෙකු එතනින් නික්ම ගියේ නැත. අකුණු හඬත් අරගලයේ හඬත් එකදිගට පැවතිණ. ඊයේ රාත්‍රිය මෙහි එක්රොක් වී සිටින ජනතාවට වෙනස් අත්දැකීමක් එක් කළේ ය. අරගලයට මොකටද සිංදු? තරුණ පිරිස් කියන්නේ ඇවිළීමකින් තොරව සංයමයෙන් අරමුණ වෙත ළඟාවෙන්න අරගලයට ආදරය එක්කළ බවයි. ඊයේ වෙන තුරු ජන අරගලයට පන පෙවූ ශිරාස් නමැති තරුණයෙකු හෘර්දයාබාධයකින් මියගිය පුවතක් ද වාර්තා විය. අදත් විවධ ප්‍රදේශවලින් ජනතාව ජනාධිපති කාර්යාලය අසල ගාලු මුවදොර මාර්ගයට එක් වෙමින් සිටී. හැමෝටම රටක් , රටට හෙටක් පතන සටන තවමත් ක්‍රියාත්මකයි.