by Staff Writer . 12-04-2022 | 10:42 AM
COLOMBO (News 1st) – මාලිම්බඩ සෙන්ට්‍රල් පාර්ක් ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ.
පුද්ගලික ආරවුලක් දුර දිග යෑම ඝාතනයට හේතුවයි.
අදාළ පුද්ගලයා ලොරි රථයකින් රැගෙන ගොස් මාතර කිරල කැලේ ප්‍රදේශයේදී ඝාතනය කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් 23 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට ලක්වු පුද්ගලයාගේ බෑණා ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර කටුගස්තොට නවයාලතැන්න ප්‍රදේශයේ මහවැල් ගගේ තිබී කාන්තා මළ සිරුරක් හමුව තිබේ.
77 හැවිරිදි අදාළ කාන්තාව නවයාලතැන්න ප්‍රදේශයේම පදිංචිකාරිණියකි.
කටුගස්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.