by Staff Writer . 12-04-2022 | 9:45 AM
COLOMBO (News 1st) – ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී සාකච්ඡා කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එහිදී ඉන්දු - පැසිෆික් කලාපයට අදාළ අභියෝග පිළිබඳව සහ ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡා කර ඇති බවයි.
යුක්‍රේනයේ පවතින යුදමය වාතාවරණය සහ ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද එහිදි සාකච්ඡා කර තිබේ.
නිදහස්, විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සහතික කිරීමේ ක්‍රම පිළිබඳව ද ඇන්ටන් බ්ලින්කන් සමග සාකච්ඡා කළ බව ජයශංකර් මහතා ප්‍රකාශ කළේ ය.
දෙරට අතර ආරක්ෂක සබඳතාවල ඇති විශිෂ්ට ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.
ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ සහ සමුද්‍රීය ආරක්ෂාව යන ක්ෂේත්‍රයේ සබඳතා අගය කරමිනි.
වෙනස්වන ලෝකයක, ඉන්දියාව සහ අමෙරිකාව අතර සබඳතා වේගයෙන් පවත්වා ගෙන යනවා පමණක් නොව, ප්‍රධාන වශයෙන් සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා කැපවෙන රටවල් දෙකක් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
මෙම සාකච්ඡාවට ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ද එක්ව සිට ඇත.
මේ අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි , ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුවී තිබේ.
ඔන්ලයින් ඔස්සේ පැවති එම සාකච්ඡාවේදී නායකයින් දෙදෙනා යුක්රේන තත්ත්වය, ඉන්දු-පැසිෆික් කලාපය වැනි කලාපීය ගැටලු හා ගෝලීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව පුළුල්ව සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.