රෝහණ ලක්ෂ්මන් නොසතුටින්

ශාන්ත බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දීමක් - ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති

by Staff Writer . 11-04-2022 | 11:12 PM

COLOMBO (News 1st) - ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ශාන්ත බණ්ඩාර මහතා කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද ජනාධිපතිතුමා ඉදිර්යේ දිවුරුම් දුන්නේය. මීට පෙර එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලැබුවේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතායි.