කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරය ශාන්ත බණ්ඩාරට

ශෂින්ද්‍රගෙන් හිස්වූ රාජ්‍ය අමාත්‍ය ධුරය නිදහස් පක්ෂයේ ශාන්ත බණ්ඩාරට

by Staff Writer . 11-04-2022 | 10:28 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

මීට පෙර එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලැබුවේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතායි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ,  ශාන්ත බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දීමක් බවයි. මේ අතර ප්‍රියංකර ජයරත්න මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළී නොගත් බැවින් ඔහු දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.