COLOMBO (News 1st) – පකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එරට විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ් තේරී පත්විය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද පැවති ජාතික සභා වාරයේදී නිතරගයෙන් ෂෙබාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වු බවයි.
70 වන වියෙහි පසුවන ඔහු, පකිස්ථානයේ තෙවරක් අගමැති ධුරය දැරූ නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරායි.
වසර ගණනාවක් පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය ධුරය දැරූවේ ද ෂෙබාස් ෂරීෆ් ය.
ඒ අනුව ඔහු පාකස්ථානයේ 23 වන අග්‍රමාත්‍යවරයා වනු ඇති.
මේ අතර නව අග්‍රාමාත්‍යවරයා තෝරා පත් කර ගැනීමට පෙර ,හිටපු අගමැති ඉම්රාන් ඛාන් ජාතික සභාවේ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.
ඒ හොරුන් සමග එකට අසුන් නොගන්නා බව පවසමිනි.
රුපියල් බිලියන 16ක....එක දූෂණ නඩුවකුත් තව බිලියන 8ක දූෂණ නඩුවකුත් තියෙන මිනිහෙක් තෝරලා ...අගමැතිකමට පත්කරල ලොකු අපහාසයක් රටට කරන්න බෑ. ජාතික සභාවෙන් ඉල්ලා අස්වෙනවා....
එලෙස ඉම්රාන් ඛාන් නිල ට්විටර් ගිණුමේ දක්වා තිබේ.
නව අගමැතිවරයා ලෙස තේරී පත්වූ ෂෙබාස් ෂරීෆ් සහ ඔහුගේ පුත්‍රයාට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවක් අධිකරණයේ විභාග වෙමින් පවතී.
නව අග්‍රාමත්‍ය ධුරය සඳහා ඉම්රාන් ඛාන්ගේ පක්ෂය සිය අගමැති අපේක්ෂකයා ලෙස ෂා මහමුද් කුරෛෂි යෝජනා කර තිබිණ.
නමුත් සැසිවාරයට මිනිත්තු කිහිපයකට පෙර ටෙරීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ජාතික සභාවෙන් ඉල්ලා අස්විය.
ඒ විදේශීය න්‍යාය පත්‍රයක් යටතේ පිහිටුවන කිසිදු රජයක කොටස්කරුවෙකු නොවන බව ඔවුන් පවසමිනි.
විශ්වාසභංගයකින් හිටපු අගමැති ඉම්රාන් ඛාන් ධුරයෙන් පහ කිරීම,, මෙලෙස හදිසියේ පකිස්ථානයට නව අගමැතිවරයෙකු පත්කිරීමට හේතුවිය.
පසුගියදා පකිස්තාන විපක්ෂය, ඉම්රාන් ඛාන්ට එරෙහිව ගෙනආ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළේ ඡන්ද 174 ක් ලබාගනිමිනි.
ඒ අනුව විශ්වාසභංගයකින් පහ කෙරුණු පකිස්තානයේ පළමු අග්‍රාමාත්‍යවරයා ලෙස, ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක්විය.
බරපතල අර්බුදයකින් නිදහස් වූ පකිස්තානය, නව යුගයකට ගමන් කරන බව, විශ්වාසභංගය ජය ගැනීමෙන් අනතුරුව එරට වත්මන් අගමැති ෂෙබාස් ෂරීෆ් ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.