ගෑස් මිලදී ගැනීම සඳහා අද(11)ත් දිගු පෝලිම්

ගෑස් මිලදී ගැනීම සඳහා අද(11)ත් දිගු පෝලිම්

by Staff Writer . 11-04-2022 | 3:25 PM

COLOMBO (News 1st) – ගෑස් මිලදී ගැනීම සඳහා අදත් දිවයිනේ ප්‍රදේශ රැසක දිගු පෝලිම් දක්නට ලැබිණ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, ගෑස් ඉල්ලා ඇතැම් ප්‍රදේශවල විරෝධතා ද පැවැති බවයි. මේ අතර ගෑස් හිඟයට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා ගාල්ල මාගල්ල ප්‍රදෙශයේ ජනතාව උද්ඝෝෂණයක ද නිරත විය. මේ අතර දිවයිනට පැමිණි මෙට්‍රික් ටොන් 3900 ක් රැගත් ගෑස් නෞකාවේ ගොඩබැමේ කටයුතු ආරම්භ කර ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති තෙසාර ජයසිංහ මහතා පැවසුවේ ගතවූ දින තුනක කාලය තුළ දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ද පියවර ගත් බවයි. හෙට දිනයේ ද තවත් ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණිමට නියමිත බව ඔහු පැවසී ය.