අයිස් සමග සැකකරුවන් 03 ක් අල්ලයි

අයිස් සමග සැකකරුවන් 3 ක් අල්ලයි

by Staff Writer . 11-04-2022 | 4:09 PM

COLOMBO (News 1st) – අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයක් සමග සැකකරුවන් 03 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන්වූ මුහුදු තීරයේ අද කළ වැටලීමකදියි. මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 08 කි. ඩිංගි යාත්‍රාවක් තුළ සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබියදී එම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ. 23 ත් 36 ත් අතර වයසේ පසුවන සැකකරුවන් පුනරීන් සහ මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් ය.