ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff Writer . 10-04-2022 | 7:11 AM

COLOMBO (News 1st) - දේශීය පුවත්

01.මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළට – මහ බැංකු අධිපති මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් ඇතැයි නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 02.ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න සැලසුමක්: තෙල් මිලත් යළි ඉහළ යන ලකුණු – අලි සබ්‍රි මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසන්නේ, සති 5කට අවශ්‍ය , ඛනිජ තෙල් ආනයනය කිරීමට ඉන්දියාවෙන් තවත්, ඩොලර් මිලියන 500 ණය පහසුකමක් ඉල්ලීමට සැලසුම් කර ඇති බවය. 03.අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහය දෙන්න – මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීම් අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා දෙන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ. 04.වැසි තත්ත්වය තවදුරටත්.. දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ක්‍රීඩා පුවත් 01.ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ධුරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පත් කර තිබේ.