ඉම්රාන් ඛාන් අගමැති ධුරයෙන් දොට්ට

ඉම්රාන් ඛාන් පකිස්ථාන අගමැති ධුරයෙන් නෙරපා හැරේ

by Staff Writer . 10-04-2022 | 7:41 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවකින් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය ධුරයෙන් ඉවත් කෙරිණි.

විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 174 හිමි විය. ඒ අනුව, විශ්වාසභංගයකින් ඉවත් කෙරුණු පකිස්ථානයේ පළමු අග්‍රාමාත්‍යවරයා බවට ඉම්රාන් ඛාන් ඉතිහාස ගතවනු ඇති. පකිස්ථාන විපක්ෂ නායක ප්‍රමුඛ විපක්ෂය මෙම විශ්වාසභංගය ගෙන ආවේ පසුගිය සතියේදීය. ධුරයෙන් ඉවත් කෙරුණු ඉම්රාන් ඛාන්, මෙම විශ්වාසභංග ඡන්ද විමසීම මගහැරීමට කිහිප අවස්ථාවකදීම උත්සාහ කළත් විපක්ෂය නීතියේ සහය පැතීම හේතුවෙන් ඔහුගත් සියලු උත්සාහයන් ව්‍යර්ත විය. අධිකරණ නියෝගය අනුව විශ්වාසභංග ඡන්ද විමසීම ඊයේ (09) පැවැත්වූ අතර ඒ සඳහා ඉම්රාන් ඛාන් සහභාගි වූයේ නැත. ඉම්රාන් ඛාන් මෙලෙස අගමැති ධුරයෙන් නෙරපූයේ ඔහුගේ ධුරකාලය 2023 තෙක් පවතින අවස්ථාවේ දීය. නව අගමැතිවරයෙකු පත්කර ගැනීම සඳහා පකිස්ථාන පාර්ලිමේන්තුව හෙට (11) රැස්වීමට නියමිතය. https://youtu.be/R2b_yokq22E