ඉන්ධන පෝලීමක සිටි තවත් පුද්ගලයෙක් ඇද වැටී මරුට

ඉන්ධන පෝලීමක සිටි තවත් පුද්ගලයෙක් ඇද වැටී මරුට

by Staff Writer . 10-04-2022 | 1:20 PM

COLOMBO (News 1st ) - දංකොටුව නගරයේ ඉන්ධන පිරිවුම්හලක පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු ඇද වැටී මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ(09) රාත්‍රී 7.00ට පමණ අදාළ පුද්ගලයා ඩීසල් ලබා ගැනීමට පෝලිමේ රැඳී සිටියදී අදාළ සිද්ධියට මුහුණපා ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 47 ක පන්නල, ගෝනවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ වනවිට මෘත ශරීරය මාරවිල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(10) පැවැත්වීමට නියමිතය.