by Staff writer 10-04-2022 | 10:10 PM
COLOMBO (News 1st ) – අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳව කිසිදු සංවාදයක් ජනාධිපතිවරයා සමග ඇති නොවූ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද(10) රාත්‍රියේ ජනාධිපති මන්දිරයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි.
කෙසේ වෙතත් අද(10) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අන්තර්කාලින ආණ්ඩුවක් පිළිබඳව පක්ෂ 11 ලබාදුන් යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම කණ්ඩායමට ජනාධිපතිවරයා ආරාධනා කර ඇති බවය.