ඉන්ධන මෙට්‍රික් 265,000ක් ආනයනයට පියවර..

මේ මාසයේදී ඉන්ධන මෙට්‍රික් දෙලක්ෂ හැට පන් දහසක් ආනයනයට පියවර..

by Staff writer 09-04-2022 | 7:06 AM

COLOMBO (News 1st) – මේ මාසය තුළදී ඉන්ධන මෙට්‍රික් දෙලක්ෂ හැට පන් දහසක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ , ඒ යටතේ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමට ද අපේක්ෂා කරන බවයි. මේ දිනවල ඉන්ධන පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය.