by Chathurika Jayasundara 09-04-2022 | 7:49 AM
COLOMBO (News 1st) –පසුගිය 31 වැනිදා මිරිහාන ප්‍රදේශයේදී කළහකාරිව හැසිරෙමින් පොදු දේපොළවලට හානි කරමින්, බස් රථ දෙකකට ගිනිතැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඒ අනුව, එම අවස්ථාවේදී ලබා ගත් CCTV දර්ශන ඇසුරෙන් බස් රථ ගිනිතැබූ පුද්ගලයෙකුගේ රුවට සමාන පරිදි අඳින සිතුවමට සමාන වූ යම් පුද්ගලයෙකු ගැන තොරතුරක් වෙතොත් , ඒ සම්බන්ධයෙන් තොරතුරු පහත සඳහන් දුරකතන අංක වෙත ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) ජනතාවගෙන් ඉල්ලා සිටී.
විමර්ශන භාර පොලිස් අධිකාරි - 071-8591755
ස්ථානාධිපති , ඩිජිටල් වෝහාරික අංශය - 071-8594929
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - 011-2444265