by Staff writer 09-04-2022 | 6:49 AM
COLOMBO (News 1st) – අලුත් අවුරුද්ද වෙනුවෙන් අද(08) සිට සහන මිලට අත්‍යවශ්‍ය ආහාර අඩංගු භාණ්ඩ මල්ලක් ලබාදීමට කටයුතු යොදා ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, වෙළෙඳපොළේ රුපියල් 3,085ක මිලකට අලෙවි වන භාණ්ඩ මල්ලක් සතොස හරහා රුපියල් 1550 ක මුදලකට ලබාදෙනු ඇති.
එම භාණ්ඩ මල්ලට සම්බා කිලෝ 5, නාඩු කිලෝ 5 , දුඹුරු සීනි කිලෝ 1 , තේ කොළ ග්‍රෑම් 100 ක් සහ ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක් අඩංගු ය.
මේ අතර , උත්සව සමයේ අඩු මිලට සහල් සැපයීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආනයනයට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා මෙරටට ආනයනය කෙරෙන මෙම සහල් සතොස අලෙවි සැල් හරහා සහන මිළට ජනතාවට බෙදා හැරීමට නියමිතයි.
ඒ යටතේ, සහල් මෙට්‍රික් ටොන් 40000ක් මේ සති අන්තයේදි දිවයිනට ලැබෙනු ඇති.
පොන්නි සම්බා ,පොන්නි නාඩු හා සුදු කැකුළු සහල් එලෙස ආනයනය කෙරෙන අතර පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 130 කටත් සෙසු සහල් වර්ග රුපියල් 110 ක මිලකටත් අලෙවි කිරිමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.