මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාර ගනී..

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයේ වැඩ භාර ගනී..

by Staff writer 08-04-2022 | 3:13 PM

COLOMBO (News 1st) –  මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (08) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස කටයුතු කර ඇති සිරිවර්ධන මහතා එහි ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කළේ ය. නව මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව , ඉන්දියාව , බංගලාදේශය සහ භූතානය සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කර ඇත. මීට අමතරව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස මෙන්ම ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද ඔහු කටයුතු කර තිබේ.