අලුත් අවුරුදු දවස් දෙකේ විදුලි කප්පාදුවක් නැහැ

අලුත් අවුරුදු දවස් දෙකේ විදුලි කප්පාදුවක් නැහැ

by Staff writer 08-04-2022 | 8:52 AM

COLOMBO (News 1st) – අප්‍රේල් 13 සහ 14 දෙ දින විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ අතර සති අන්තයේ විදුලි කප්පාදුව සිදු කරන කාලය ද අඩු කර තිබේ. ඒ අනුව හෙට (09) දිනයේ විදුලි කප්පාදුව පැය 2ක් වන අතර අනිද්දා (10) විදුලි කප්පාදුව පැයක කාලයකට සීමා වනු ඇති. කෙසේ වෙතත් අද (8) දිනයේ පැය 6 යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත ය. ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ, A, B, C, D, E, F , G, H, I, J ,K , L දක්වා කාණ්ඩයට පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 4 ක් ද,පස්වරු 5.00 සිට රාත්‍රී 7.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරන බවයි. P, Q, S ,R ,T ,U, V, W යන කලාපවලට පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා පැය 4 ක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 2 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත. කොළඹ නගරයේ වාණිජ කලාපයේ විදුලි සැපයුම පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 3 යි විනාඩි 30 ක් කප්පාදු කරන බව ද විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ ය.