අලුත් අවුරුද්ද අරන් කලින් ම ගමට ගිය ගම්මැද්ද

අලුත් අවුරුද්ද අරන් කලින් ම ගමට ගිය ගම්මැද්ද

by Staff Writer . 08-04-2022 | 3:08 PM

COLOMBO (News 1st) –රට පුරා ජනතාව දැඩි ගැටලුකාරී හා අර්බුදකාරී ආර්ථික තත්ත්වයකට මුහුණ දී සිටී.

විශේෂයෙන් අඩු ආදායම් ලබන පිරිස් මේ දිනවල ගෙවන්නේ දුෂ්කර කාලයකි. ඔවුන්ට පවතින තත්ත්වය හමුවේ ජීවන වියදම දරා ගැනීමට ගැනීමට නොහැකියි. අවුරුදු සමයේ ඔවුන්ටත් අවුරුදු සතුට ලබා දීම පිණිස ගම්මැද්ද වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් දෙමින් ඔවුන්ට සවියත් සතුටත් ලබා දීමට පියවර ගෙන තිබේ. මේ කාර්ය ගම්මැද්ද සිදුකරන්නේ පරිත්‍යාගශීලි ජනතාවගේ අනුග්‍රහයෙනි. එම ආහාර ද්‍රව්‍ය අද දුම්රිය සහ බස්රථ මගින් අදාළ දිස්ත්‍රික්ක වෙත ප්‍රවාහනය කෙරිණ. දිස්ත්‍රික්ක 25 පුරාම ආහාර මලු බෙදා දීම අද සිට ගම්මැද්ද ජාලය මගින් සිදුකිරීමට නියමිතයි. ගම්මැද්ද ජනතාව උදෙසා ජනතාව වෙනුවෙන්...