හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආනයනයට පියවර

අඩු මිලට දෙන්න, රට හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ඉදිරියේදී දිවයිනට

by Staff Writer . 08-04-2022 | 9:29 AM

COLOMBO (News 1st) – උත්සව සමයේ අඩු මිලට සහල් සැපයීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ආනයනයට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍යංශය පවසයි.

ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා මෙරටට අනායනය කෙරෙන මෙම සහල් සතොස අලෙවිසැල් හරහා සහන මිලට ජනතාව වෙත බෙදා හැරීමට නියමිතයි. ඒ යටතේ සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් මේ සති අන්තයේදි දිවයිනට ලැබෙනු ඇති. ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා සඳහන් කළේ, ඉන්දීය ණය පහසුකම් යටතේ මෙම සහල් දිවයිනට ආනයනය කරන බවයි. පොන්නි සම්බා ,පොන්නි නාඩු හා සුදු කැකුළු සහල් එලෙස ආනයනය කෙරෙන අතර පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 130 කටත් සෙසු සහල් වර්ග රුපියල් 110 ක මිළකටත් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වෙළඳ අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.