හෙට සිට වැසි තත්ත්වයේ වර්ධනයක්..

හෙට සිට වැසි තත්ත්වයේ වර්ධනයක්..

by Staff writer 07-04-2022 | 4:59 PM

COLOMBO (News 1st) –  දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් හෙට සිට දින 3ක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි මධ්‍යම , සබරගමුව, දකුණ , ඌව සහ උතුරු මැද පළාත්වලත් , අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අද රාත්‍රියේ ඇතැම් ස්ථාවලට මිලිමිටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. හෙට දිනයේ මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලත් කළුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවට මිලිමිටර් 100 ට වැසි තද වැසිද සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි ය. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.