by Staff Writer . 07-04-2022 | 4:45 PM
COLOMBO (NEWS1ST) : රුසියානු හමුදා යුක්රේනයේ කියෙව් අගනුවර සහ චර්නිව් නගරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොස් ඇතැයි පෙන්ටගනය පවසයි.
මේ අතර නේටෝ සංවිධානයට අයත් රටවල විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ජාවක් ද බ්‍රසල්ස් නුවරදී පැවැත්විණ.
ඒ රුසියානු හා යුක්රේන අර්බුදයේදී යුක්රේනයට සහය වීමේ අරමුණිනි.
දිනෙන් දින ත්රිව්ර වන රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේන වැසියන්ට එම ප්‍රදේශවලින් ඉවත් වන්නැයි එරට රජය දැනුම් දී තිබේ.
යුක්රේන නියෝජ්‍ය අගමැතිවරයා මෙම ඉල්ලීම සිදු කළේ, නැගෙනහිර යුක්රේනයේ හාර්කිව්, ලුහන්ස්ක් හා ඩොනෙස්ට්ක් යන ප්‍රදේශවල පුරවැසියන්ගෙනි.