අමාත්‍යංශ ලේකම්වරුන් හා ජනපති ලේකම් අතර සාකච්ඡාවක්

බාධාවකින් තොරව රාජකාරි කරන්න...ජනපති ලේකම්ගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස්

by Staff Writer . 07-04-2022 | 8:26 AM

COLOMBO (News 1st) – රටේ බොහෝ අමාත්‍යංශයවල කටයුතු සිදුවන්නේ ඇමතිවරයෙකු නොමැතිවයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් හා ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා අතර ඊයේ ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී ජනාධිපති ලේකම්වරයා සියලු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙන්නේ, සියලු අමාත්‍යංශවල කටයුතු සැලසුම් කළ පරිදි බාධාවකින් තොරව සිදු කරන ලෙසයි. අලුත් අවුරුදු සමයේ ජනතාවට අත්‍යවශ්‍ය සියලු භාණ්ඩ හා සේවා සැපයීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන ලෙස එහිදි ජනාධිපති ලේකම්වරයා උපදෙස් දුන් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා සඳහන් කළේ ය.