''ජනාධිපති ඉල්ලා අස්වෙන්නෙ නෑ...අපි හැප්පෙන්න ලෑස්තියි'' - ජොන්ස්ටන්

by Staff Writer . 07-04-2022 | 11:42 AM

COLOMBO (News 1st) –  රටේ පවතින අර්බුදය විසඳීම සඳහා තම සහය ලබා දෙන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම් පමණක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, ජනපතිවරයා ඉවත් වී කෙරෙන ඔ්නෑම සාකච්ඡාවකට සූදානම් බවයි. මේ සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වීය.
''ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්නෙ නෑ.. ඔබතුමාලගෙ යටි අරමුණත් එක්ක අපි හැප්පෙන්න ලෑස්තියි. අපි හැප්පෙන්න ලෑස්තියි'' https://www.youtube.com/watch?v=ZABfmMsjFq4