by Staff writer 07-04-2022 | 10:36 PM
COLOMBO (NEWS1ST) : පකිස්ථාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද(07) බලරහිත කළේ ය.
ඒ, පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව නියෝජ්‍ය කතානායකවරයා විසින් ඉවත දැමීමට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය.
අදාළ විශ්වාසභංගය, නියෝජ්‍ය කතානායකවරයා විසින් ඉවත දැමීම ද ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ එය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දෙමින් ය .
විශ්වාසභංග ඡන්දය ලබන 9 වැනිදාට නියම කර තිබේ.