පකිස්ථාන ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් ළඟ තබා ගත් පකිස්ථාන විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

by Staff Writer . 06-04-2022 | 4:41 PM

COLOMBO (News 1st) –  හෙරොයින් ග්‍රැම් 643 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධිචෝදනා දෙකට වරදකරු කරනු ලැබූ පාකිස්ථාන ජාතික විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරිණ.

2018 ඔක්තෝබර් 27 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කොල්ලුපිටියේදී සිදුකළ වැටලීකදී මොහොමඩ් අලි හුසේන් නමැති මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබිණ.