රජයේ රෝහල්වල ඖෂධ වර්ග 40ක හිඟයක්

රජයේ රෝහල්වල ඖෂධ වර්ග 40ක හිඟයක්

by Staff Writer . 06-04-2022 | 4:53 PM

COLOMBO (News 1st) –මේ වනවිට මෙරට රජයේ රෝහල්වල ඖෂධ වර්ග 40 ක් පමණ හිඟව පවතින බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ තවත් ඖෂධ වර්ග 60 ක තොග ප්‍රමාණවත් වන්නේ සතියත් - මාසයක් අතර කාලයකට බවයි. පවතින ඖෂධ හිඟය පිළිබඳව අමාත්‍යංශය දැඩිව අවධානය යොමු කර ඇති බව ඔහු පැවසී ය. ඉන්දීය ණය ආධාර යටතේ ඖෂධ ආනයනකරුවන්ට පහසුකම් සැපයීමට මේ වනවිටත් පියවර ගෙන තිබේ. මීට අමතරව ලංකා බැංකුවෙන් ඩොලර් මිලියන 07 ක් හා මහජන බැංකුවෙන් ඩොලර් මිලියන 07 ක් ණය වර ලිපි නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. තත්ත්වය සමනය කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 20 ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසී ය.