by Staff Writer . 06-04-2022 | 4:34 PM
COLOMBO (News 1st) – බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව , නැගෙනහිර , උතුරු මැද පළාත්වලත් , කුරුණැගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම තත්ත්වය අද රාත්‍රී 10 දක්වා බලපැවැත්වෙන බවයි.
එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවලට තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.