by Staff writer 06-04-2022 | 3:37 PM
COLOMBO (News 1st) - ගාල්ල , දඩැල්ල ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මියගොස් ඇත්තේ, 65 හැවිරිදි දඩැල්ල ,ජයන්තිමාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පවුල් ආරවුලක් දුරදිග යෑම ඝාතනයට හේතුව වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ.
මිය ගිය පුද්ගලයාගේ දේහය, ගාල්ල කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ.