ජනපති කිසිසේත්ම ඉල්ලා අස්වෙන්නේ නැහැ - ජොන්ස්ටන්

by Staff Writer . 06-04-2022 | 11:22 AM

COLOMBO (News 1st) –  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත් ඉල්ලා අස් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේ, රට තුළ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි. ඔහු අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේ, ජනාධිපතිවරයාට හැටනව ලක්ෂයක් ඡන්දය දී ඇති බවත් තත්ත්වයට මුහුණ දෙනවා මිස ජනාධිපතිවරයා කිසිසේත් ඉල්ලා අස් නොවන බවත් ය. මේ අතර නලින් බණ්ඩාර මහතාගේ අදහස් දැක්වීමත් සමග ඇති වූ සංවාදාත්මක තත්ත්වයක් සමග කතානායකවරයා පාර්ලිමේන්තුව පෙර විනාඩි 10 කට කල් තැබීමට ද පියවර ගත්තේ ය.