අමෙරිකාවෙන් යුක්‍රේනයට ඩො.මි. 100ක අවි

අමෙරිකාවෙන් යුක්‍රේනයට ඩො.මි. 100ක අවි

by Staff Writer . 06-04-2022 | 3:52 PM

COLOMBO (News 1st) –  අමෙරිකාව යුක්‍රේනයට අමෙරිකානු ඩොලර් මිලියන 100 ක වටිනාකමින් යුත් අවි ලබා දීමට තීරණය කර තිබේ.

මේ බව තහවුරු කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කන් නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් ය. පසුගියදා රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ බුචා නගරයේ සහ යුක්රේනය පුරා සිදු කරන ලද ඝාතන සම්බන්ධයෙන් තමන් කම්පනයට පත් වන බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.