අප්‍රේල් 18 සිට පාසල් කාලය පැයකින් දීර්ඝ කෙරේ

අප්‍රේල් 18 සිට පාසල් කාලය පැයකින් දීර්ඝ කෙරේ

by Staff Writer . 06-04-2022 | 8:59 AM

COLOMBO (News 1st) –  අප්‍රේල් 18 වැනිදා සිට පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කර ති‌බේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, ලබන 18 වැනිදා ආරම්භ වන පළමු පාසල් වාරයේ සිට දෙසැම්බර් 23 වැනිදායින් අවසන් වන වර්ෂය සඳහා පාසල් පැවැත්විය යුතු පැය ගණන සම්පුර්ණ කිරීමට සඳහා මේ පියවර ගත් බවයි. ඒ අනුව අතරමැදි නිවාඩු කාල ද ඇතුළත්ව පාසැල් කාල සටහන් විදුහල්පතිවරුන් වෙත මේ වන විට යොමු කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.