by Staff Writer . 05-04-2022 | 4:44 PM
COLOMBO (News 1st): පාර්ලිමේන්තුව හෙට (06) උදෑසන 10.00 දක්වා කල් තැබිණ.
අද උදෑසන 10 ට ආරම්භ කෙරුණු පාර්ලිමේන්තු කටයුතු අවසන් කෙරුණේ, අද පස්වරු 2.15 ට පමණයි.
පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගෙන යන ලෙස පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළේ ය.
නමුත් ආණ්ඩු පක්ෂය ඊට එකඟතාව පළ නොකළේ ය.
මේ අතර රටේ වත්මන් තත්ත්වය පිළිබඳව හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙන බව ප්‍රසන්න රණතුංග මහතා පවසයි.