කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාවට 7 වැනි වරටත් එක්දින ක්‍රිකට් කාන්තා ලෝක කුසලානය..

by Staff writer 04-04-2022 | 9:22 AM

COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියාව 7 වැනි වරටත් එක්දින ක්‍රිකට් කාන්තා ලෝක කුසලානය දිනා ගත්තේ ය .

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී ඊයේ (03) පැවැති අවසන් මහා තරගයේදී ඔවුන්ට පරාජය වූයේ එංගලන්තයයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඇලීසා හීලි ලකුණු 170ක් රැස් කළ අතර රේචල් හෙයින්ස් සහ බෙත් මූනි අර්ධ ශතක ලබා ගත්තේ ය. ඔස්ට්‍රේලියාව කඩුලු 5කට ලකණු 365ක් රැස් කළ අතර, එය ඔවුන් එංගලන්තයට එරෙහිව එක් දින ක්‍රිකට් තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. එංගලන්ත පිළිතුරු ඉනිම වෙනුවෙන් නැටලි සිවර් නොදැවී ලකුණු 148ක් රැස් කළේ ය. පන්දුවාර 43යි පන්දු 4ක් අවසානයේදී එංගලන්ත ක්‍රීඩිකාවන්ට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ, ලකුණු 285ක් පමණි.