සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවයි..

සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවයි..

by Staff writer 03-04-2022 | 7:00 AM

COLOMBO (News 1st) : සියලු සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ.

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ, ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවය. තම අමාත්‍යාංශය මගින් සියලුම දුරකතන සේවා සැපයුම්කරුවන්ට මෙම නියෝගය දැනුම් දුන් බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ප්‍රකාශ කළේ ය.