හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ නියෝගය අවලංගු කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි..

කර්තෘ Staff writer

02 Apr, 2022 | 1:50 pm

COLOMBO (News 1st) : හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ නියෝගය අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

එම සංගමය ඉල්ලා සිටින්නේ, මූලික අයිතීන් වන සාමකාමී රැස්වීම් හා අදහස් ප්‍රකාශ කිරීමේ හා පළ කිරීමේ නිදහස සුරක්ෂිත කරන ලෙසය.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම රටේ වත්මන් ගැටලුවලට විසඳුමක් නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හා ලේකම් ඉසුරු බාලපටබැදි මහත්වරුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඔවුන් අවධාරණය කර සිටින්නේ, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම රටේ වත්මන් තත්ත්වයක් විසඳුමක් නොවන බවය.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]