හෙට පැය 12ක් විදුලිය නැහැ..

හෙට පැය 12ක් විදුලිය නැහැ..

by Staff writer 31-03-2022 | 7:07 PM

COLOMBO (News 1st) –  හෙට (01) පැය 12ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, A,B,C,D,E,F කාණ්ඩවලට පෙ.ව 4.00 සිට පෙ.ව 6.00 අතර පැය 2ක්, පෙ.ව 8 සිට දහවල් 12 දක්වා පැය 4ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරේ. මේ අතර, G,H,I,J,K,L කාණ්ඩයට පෙ.ව. 6.00 සිට පෙ.ව 8.00 දක්වා පැය 2ක්, දහවල් 12 සිට ප.ව 4 දක්වා පැය 4 ක් සහ සවස 6 සිට රාත්‍රී 12 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. P,Q,R,S කාණ්ඩවලට පෙ.ව 4 සිට පෙ.ව 6 අතර පැය 2ක්, පෙ.ව 8 සිට දහවල් 12 දක්වා පැය 4ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරේ.