by Staff Writer . 31-03-2022 | 3:43 PM
COLOMBO (News 1st) – සමනලවැව හා කසල්රි යන ජලාශවලින් විදුලි බලය නිපදවීම හෙට දිනයෙන් පසුව නවතා දමන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එහි සාමාන්‍යාධිකාරි ඩී .සි.ආර්. අබේසේකර මහතා සඳහන් කළේ, ඉන් පසුව විදුලිය නිපදවිමට එම ජලාශවල ජලය ප්‍රමාණවත්ව නොමැති බවයි.
කාසල්රි ජලාශයේ ජල මට්ටම ඊයේ දිනය වන විට සටහන්ව තිබුණේ 8.4% ක් ලෙස වන අතර සමනලවැවේ ජල මට්ටම 11.8%ක මට්ටමට පහළ වැටි තිබිණ.
විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ.
මාවුස්සාකැලේ ජලධාරිතාව 27.8% ක් ලෙසත් කොත්මලේ ජල ධාරිතාව 20.6 %ක් , වික්ටෝරියා ජලාශයේ 30%ක් හා රන්දෙණිගල ජලාශයේ ජල ධාරිතාන 58% ක් ලෙස පහළ වැටී ඇති බවයි.