පවුල් සෞඛ්‍ය සේවිකාවන් විරෝධතාවක

පවුල් සෞඛ්‍ය සේවිකාවන් විරෝධතාවක

by Staff Writer . 31-03-2022 | 4:00 PM

COLOMBO (News 1st) – පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් පිරිසක් අද (31) දහවල් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

අප වාර්තාකරු සඳහන් කළේ , විරෝධතාව හේතුවෙන් අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගයේ රථවාහන ධාවනයට ද බාධා මතුව ඇති බවයි. අද ආරම්භ කළ වැඩ වර්ජනයට සමගාමීව රජයේ පවුල් සෞඛ්‍ය නිලධාරින්ගේ සංගමය මෙම විරෝධතාව ආරම්භ කර තිබේ. එහි සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ, විශේෂ ශ්‍රේණියේ පවුල් සෞඛ්‍ය සේවා තනතුර අහෝසි කිරීමට ගත් තීරණයට එරෙහිව මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බවයි. අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රයක් ද ආරම්භ කළ බව ඇය ප්‍රකාශ කළා ය. https://www.youtube.com/watch?v=8tm8TmLJsD4&t=1s