ඩීසල් නැවට ඩොලර් ගෙවීම තවත් ප්‍රමාද වන ලකුණු..

ඩීසල් නැවට ඩොලර් ගෙවීම තවත් ප්‍රමාද වන ලකුණු..

by Staff writer 31-03-2022 | 4:23 PM

COLOMBO (News 1st) – මෙරටට සේන්දු වූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 රැගත් නෞකාවට ඩොලර් ගෙවීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම නෞකාව සිංගප්පුරුවේ ලියාපදිංචි විටෝල් සමාගමට අයත් බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ වනවිට දින තුනකට අධික කාලයක් එම නෞකාව මෙරට මුහුදු තීරයේ නැංගුගරම් ලා ඇත්තේ ඩිසල් තොග ගොඩබෑමට මුදල් ගෙවීම සිදු නොකිරීම හේතුවෙන් ය.