by Staff Writer . 31-03-2022 | 3:49 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දරුණු ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට අසාමාන්‍ය වේගයකින් ක්‍රියා කළ යුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් .ජයශංකර් මහතා දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ ය.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේ, ශ්‍රී ලංකාව වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම කාලානුරූපීව සිදුවිය හැකි බවයි.
දැනටමත් ශ්‍රී ලංකාව මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වැඩ කරන්නේ සාමාන්‍ය වේගයෙන් බව ප්‍රකාශ කළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඊට වඩා අසාමාන්‍ය වේගයකින් ක්‍රියා කළ යුතු බවයි.
අත්‍යවශ්‍ය ආනයන සඳහා මෑතක දී ලබාදුන් ඩොලර් බිලියනයක ඉන්දියානු ණය පහසුකම වහා ක්‍රියාත්මක කරන බවට ද ජයශංකර් මහතා පොරොන්දු විය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය පදනම් වී ඇත්තේ අන්තර් රාජ්‍ය අවබෝධය මත තව ද ඉන්දීය විදේශ ඇමතිවරයා පැවසී ය.