අද රටපුරා (31) පැය 13 ක විදුලි කප්පාදුවක්

අද රටපුරා (31) පැය 13 ක විදුලි කප්පාදුවක්

by Staff Writer . 31-03-2022 | 8:26 AM

COLOMBO (News 1st) – අද (31) දිනයේ පැය 13 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර තබේ.

මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ, විදුලිබල මණ්ඩලය ඒ සඳහා කළ ඉල්ලීමට අනුමැතිය ලබාදුන් බවයි. ඒ අනුව පසුගිය දිනවල විදුලිය විසන්ධි කළ අයුරින්ම කලාපවලට බෙදා දිවයින පුරා විදුලිය විසන්ධි කෙරෙනු ඇති. ABCDEF කලාප පෙ.ව. 3 සිට පෙ.ව. 6 දක්වා පැය 3ක්… මධ්‍යාහ්න 12 සිට ප.ව.4 දක්වා පැය 4ක් … ප.ව.6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක් … GHIJKL කලාප පෙ.ව. 12 සිට පෙ.ව.3 දක්වා පැය 3ක් … පෙ.ව. 8 සිට මධ්‍යාහ්න 12 දක්වා පැය 4ක් … ප.ව.4 සිට මධ්‍යම රාත්‍රී 10 දක්වා පැය 6ක් … PQRS කලාප පෙ.ව. 3 සිට පෙ.ව. 6 දක්වා පැය 3ක්… මධ්‍යාහ්න 12 සිට ප.ව.4 දක්වා පැය 4ක් … ප.ව.6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක් … TUVW කලාප පෙ.ව. 12 සිට පෙ.ව.3 දක්වා පැය 3ක් … පෙ.ව. 8 සිට මධ්‍යාහ්න 12 දක්වා පැය 4ක් … ප.ව.4 සිට මධ්‍යම රාත්‍රී 10 දක්වා පැය 6ක් … MNOXYZ කලාප පෙ.ව. 5.30 සිට පෙ.ව. 9 දක්වා පැය 3.30 ක් … ප.ව.4 සිට ප.ව. 6 දක්වා පැය 2ක් …

ඒ ඒ කලාපවලට විදුලිය විසන්ධි කෙරෙන ආකාරය පිළිබඳ වැඩිදුරටත් තොරතුරු දැන ගැනීම සඳහා පිවිසෙන්න...