වැලිමඩ නිවසක ගින්නකින් තිදෙනෙකුට තුවාල

වැලිමඩ නිවසක ගින්නකින් තිදෙනෙකුට තුවාල

by Staff Writer . 30-03-2022 | 4:44 PM

COLOMBO (News 1st) –  වැලිමඩ, කැප්පෙටිපොල නිවාස සංකීර්ණයේ නිවසක් ගිනි ගැනීමෙන් ළමුන් දෙදෙනෙකු ඇතුළු ති දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය සඳහන් කළේ, විදුලිය නොමැති අවස්ථාවේදී නිවස තුළ තිබූ විදුලි ජනන යන්ත්‍රය අක්‍රීය වූ අවස්ථාවේදී නිවැසියන් එය පරීක්ෂා කිරිමට ඉටි පන්දමක් රැගෙන ගොස් ඇති බවයි. එහිදි විදුලි ජනන යන්ත්‍රය අසල තිබු පෙට්‍රල් බෝතලයකට ගිනි ඇවිළීමෙන් අනතුර සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ කාන්තාවක් , ගැහැනු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ප්‍රථිකාර සඳහා වැලිමඩ රෝහලට ඇතුළත් කර තිබේ. මේ අතර පෑලියගොඩ දරමඩුවත්ත ප්‍රදේශයේ පිහිටි තාවකාලික නිවාස කිහිපයක හටගත් ගින්නකින් ගැහැනු ළමයෙකු තුවාල ලබා ඇති අතර ඇය ප්‍රථිකාර සඳහා යොමු කර ඇත්තේ කොළඹ ජාතික රෝහලටයි. ගින්නෙන් නිවාස 03 ක් විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත. පෑලියගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.